Archive for April 2013

Raspberry Pi ගැන තාක්ෂණික විස්තර...

Raspberry Pi ගැන මුලික විස්තරයක් කලින් post එකේදී හැමොටම ලැබුන කියල හිතනවා. මේ උපකරණයේ තාක්ෂණික පැත්ත ගැන කතා කරනවා නම් මේක පුංචි පරිගණකයක් නිසා අභ්‍යන්තර සැකැස්ම සංකීර්ණයි. දැනට Raspberry Pi මාදිලි දෙකක් නිකුත් වෙලා තියනවා. ඒ තමයි, Model A සහ Model B. Model A සතුව 256MB RAM සහ USB port එකක් තියනවා, Model B  සතුව 512MB RAM, 2 USB port සහ අමතරව Ethernet port එකක් සහිතව නිපදවල තියනවා.
වියදම හා ක්‍රියාකාරිත්වය ගැන සලකබලලා Arm11 processor එකක් Raspberry Pi සදහා භාවිතා කරනවා. මේ ඔක්කොමත් එක්ක 300MHz Pentium 2 වේගයක් සහිත පරිගණකයකට Raspberry Pi සමාන කරන්න පුළුවන්. ඒ වගේම Xbox 1 level වලට සමාන graphic අත්දැකීමක් ගන්නත් Raspberry Pi හරහා පුළුවන්.

Video output, HDMI port  එක හරහා පරිගණක තීරයකට ලබාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් RCA හරහා TV  එකකට උනත් සම්බන්ද කරන්න පුළුවන්. HDMI port  (High-Definition Multimedia Interface) එක ගැන කතාකරනවා නම් මේ port එක හරහා audio සහ video දෙකම එකවර සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විදියට තමා හදල තියෙන්නේ. නවීන monitor,laptop හා TV සදහා දැන් මේ HDMI Interface එක බහුලව යොදාගන්නවා.

Audio output, HDMI හරහා ලබාගන්න පුළුවන් වගේම  සම්මත 3.5mm audio jack එක හරහාත් audio output ලබාගන්න පුළුවන්. microphone වලට නම් jack එකක් එන්නේ නැහැ, නමුත් USB port තියන නිසා USB microphone එකක් භාවිතා කරන්න පුළුවන්.
Model B සමග එන Ethernet port එක නිසා computer networking කටයුතු පවා අලුත් Raspberry Pi එක්ක කරන්න අවස්ථාව තියනවා.

Raspberry Pi සදහා බලසපැයුම  5v micro USB එකකින් සපයන්න පුළුවන්. ON /OFF switch එකක් Raspberry Pi එකක එන්නේ නැති නිසා ප්‍රධාන බල සැපයුම මගින් තමයි ON /OFF කිරීමත් කරන්නේ.

GPIO headers ගැන කතා කරනවා නම්, මේවා තමා Raspberry Pi, අපිට පාවිච්චි කරන්න දීල තියන INPUT / OUTPUT pins. සරලවම කියනවා නම් LEDs, switches, analog signals, sensors වගේ දේවල් පාලනය කරන්න වගේම Arduino එකක් සමග සම්බන්ධ වෙන්න GPIO headers භාවිත කරන්න පුළුවන්.

පරිගණකයේ Hard disk එකට සමානව Raspberry Pi ප්‍රධාන මතක ගබඩාව තමයි SD card එක. අවශ්‍ය මෙහෙයුම් පද්ධතියේ image file එක SD card එකඇතුළු කරලා  ඒ මගින් Raspberry Pi බූට් කරගන්න පුළුවන්.


Raspberry Pi වල software පැත්ත ගැන කතා කරනවා නම් ප්‍රධාන වශයෙන් Raspberry Pi සමග  භාවිත කරන මෙහෙයුම් පද්ධතිය ''Debian''. Debian කියන්නේ Linux කර්නල් එක මත පදනම්වුනු free operating system එකක්. ඒ වගේම Raspberry Pi සදහා Android යොදාගන්න අත්හදාබැලීම් අන්තර්ජාලයේ හොයාගන්න පුළුවන්. පෙන විදියට නම් අවුලක් නැතුව Android, Raspberry Pi සමග වැඩකරනවා.
Raspberry Pi සදහා  ප්‍රසිද්ධම  ක්‍රමලේඛණ භාෂාව විදියට ''Python'' යොදාගනන්වා.

Raspberry Pi ගැන post දෙකක් ලිව්ව නිසා දැන්නම් මේ උපාංගය ගැන ඔයාල සාමාන්‍ය දැනුමක් ලබාගන්න ඇති කියල විශ්වාස කරනවා. මිට අමතරව www.raspberrypi.org නිල වෙබ් අඩවියෙන් මේ ගැන වැඩි විතර හොයාගන්න පුළුවන්. එහෙනම් ඉදිරියේදී Raspberry Pi සම්බන්ද  project එකකින් හමුවෙමු.

2 Comments

Raspberry Pi හැදින්වීම

තාක්ෂණික දේවල් ගැන උනන්දුවක් තියන කෙනෙක්නම්  Raspberry Pi කියන නම අහල ඇති. මොකද  පසුගිය කාලසීමාවේ ඉතාම ජනප්‍රිය උපාංගයක් විදියට Raspberry Pi ගැන අන්තර්ජාලයේ ලොකු කතාබහක් තිබුණා. Raspberry Pi ගැන මුලික හැදින්වීමක් දෙන්න තමා මේ post එකේ බලාපොරොත්තුව.





Raspberry Pi කියන්නේ single-board computer එකක් ඒ කියන්නේ පරිගණකයකට අවශ්‍ය සියලු උපාංග සවිකරපු තනි board එකක්. Processor, RAM, Display adapter මේ ඔක්කොමත් එක්ක මේකේ size  එක credit card එකක් තරම්. මේ උපාංගය TV එකක් keybord එකක් එක්ක සවිකරලා ගත්තම සාමාන්‍ය පරිගණකයෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ හරහාත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ games, word - processing, spreadsheets වගේ දේවල්. ඒ වගේම high - definition ඒ කියන්නේ HD අත්දැකීමත් මේ හරහා ලබාගන්න පුළුවන්.



එංගලන්තේ Raspberry Pi foundation ආයතනය මේ single-board computer එක නිර්මාණය කලේ අඩු අදායම්ලාභි පාසල් සිසුන් අතරත් පරිගණක ඉගැන්වීම් ප්‍රචලිත කිරීමේ අරමුණින්. ඒ නිසාම 25$ වගේ අඩු  මිලකට පාසල් සිසුන්ට මේ උපාංගය මිලදීගන්න පුළුවන්වුනා. නමුත් දැන් නම් Raspberry Pi ඉතාම ජනප්‍රිය වෙලා තියෙන්නේ electronics hobbyist ලා අතරයි, මොකද මේ පුංචි උපකරණය පරිගණකයක් විදියට භාවිත කරන්න පුළුවන් වගේම මිලෙනුත් අඩු නිසා.

ඉතින් මේ Raspberry Pi එකෙන් වැඩ කරන්න නම් SD memory card එකක් හරහා මෙහෙයුම් පද්ධතියක් install කරන්න වෙනවා. ගොඩක් වෙලාවට ''Debian'' free operating system එක තමා Raspberry Pi එකත් එක්ක වැඩකරන්න පාවිච්චිකරන්නේ. නමුත් Android උනත් Raspberry Pi එකත් එක්ක වැඩකරනවා.
700 MHz processing power එකක් වගේම 256 or 512 RAM  එකක් තියන නිසා size එකේ හැටියට හොද speed එකක් මේ උපාංගය සතුයි. Raspberry Pi ගැන බ්ලොග් එකේ ලියන්න කියල හිතුනෙත් සාමානයෙන් Robotics සදහා භාවිතා කරන සරල microcontroller වලින් ඔබ්බට ගිහින් වැඩිධාරිතාවක් තියන processor, Robotics වැඩ වලට භාවිතා කරන ප්‍රවනතාවක් දැන් දැන් තියන නිසයි.

Robotics  සදහා ප්‍රචලිත වෙලා තියන Arduino platform එක උනත් මුලික වෙලා තියෙන්නේ සරල  microcontroller එකක් මත නිසා ඒ හරහා කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයත් ඒ microcontroller එකට සිමා වෙනවා. නමුත් හිතල බලන්න Arduino එකත් එක්ක Raspberry Pi සම්බන්ධ කරොත් Robotics කොච්ච්ච්ර දියුණු කරන්න පුලුවන්ද කියල. මිට අවරුදු කිහිපයකට කලින් Arduino ලංකාවට ඇවිල්ල මේ කෙටිකාලය ඇතුලත ලංකාවේ ප්‍රචලිතවුනා වගේම, Raspberry Pi පුංචි පරිගණකයත් ඉදිරියේදී ලංකාව තුල ජනප්‍රිය වේවි. Raspberry Pi යොදාගෙන ඉදිරියේදී Robotics වැඩ ගැන ඔයාලව දැනුවත්  කරන්න අපි බලාපොරොත්තු වෙනවා, ඒ වගේම Raspberry Pi වල තාක්ෂණික පැත්ත ගැන ඊලග පොස්ට් එකෙන් හමුවෙමු.




4 Comments

Obstacle Avoiding Robot - බාධක මගහරින රොබෝවෙක් හදමු ද ?



රොබා ගැන ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ අලුත් අයටනම් ටිකක් විතර Advance වැඩක්. මොකද මේකේ code ටිකක් සංකිරණයි. ඒ වගේම Servo mechanism එකක් පාවිච්චි කරපු නිසා Hardware එකත් නුලටම ඕනේ. ඒ වගේම යන පිරිවැයත් ටිකක් වැඩියි. කොහොම උනත් වැයකරන ශ්‍රමය හා මුදල අපතේ යන එකක් නෑ මේක හරිම විනෝදජනක ලස්සන වැඩක්.





ක්‍රියාකාරිත්වය -

 බාධක මගහරින ඒ කියන්නේ Obstacle Avoiding Robot ඝනයට වැටෙන මෙයා, 4 wheel  drive (4wd robot) නිසා මාර්ගගත ධවනයනත් හොද තත්වෙක තියනවා. බාධක හදුනගන්නේ  ඉස්සරහ තියන ultrasonic distance sensor එකෙන්. විශේෂත්වය තමා කෙලින්ම ඉස්සරහ තියන බාධක වගේම අංශක 180 ඇතුලත ඉදිරියෙන් තියෙන බාධක හදුනාගෙන ඒවා මගහරින්න මෙයට පුළුවන්. ඒ සදහා sensor එක චලනය කරන්න servo motor එකක් පාවිච්චිකරලා තියනවා.



කොටස් සහ අමුද්‍රව්‍ය -


Arduino Duemilanove board
Motor Shield
4x Gear Motors with Wheels
Prototype Development board
HC-SR04 Ultrasonic Distance sensor
Micro Servo motor
Plastic Chassis
8x AAA battery
2x 4 AAA battery holder box
Male to Female jumper wire
Male to Male jumper wire
Nuts and Bolts (3mm)
Toggle switch

කොටස් ගැන net  එකේ search කරලා වැඩිදුර විස්තර හොයල බලන්න මේ දීල තියෙන්නේ එවගේ common  names. ඒවගේම උඩින් දාලා තියෙන්නේ මම භාවිත කරපු කොටස්වල photo එකක්. දාල තියන හැම photo එකක්ම උපරිම quality එකෙන් තියෙන්නේ ඒ නිසා වෙනම tab එකක open  කරලා බලලා  ඒවා ගැන දල අදහසක් ගන්න.

Arduino board එක කෙලින්ම motor වලට සම්බන්ද කරලා අපිට ඕන විදියට motors හසුරවන්න අමාරුයි (move backward, move forward, speed controlling). ඒනිසා ඒ සදහා Motor controller එකක් පාවිච්චි කරන්න වෙනවා. මෙතන භාවිතා කරපු Motor Shield එක ebay එකෙන් $5.05කට වගේ ගන්න පුළුවන්. Motor controlling සදහා h-bridge motor driver ic එකක් තමා භාවිතා වෙන්නේ. ගෙදරදී motor controller එකක් හදනවා නම් L 293D ic එකක් පාවිච්චි කරන්න පුළුවන්, මෙතැනදී නම් L 293D ic හතරක් පාවිච්චි කරල තමයි මේ වැඩේ  කරන්න වෙන්නේ මෙයින් එක ic එකක් මෙහේ රු 200 වගේ අසන්න මුදලක් වෙනවා ඉතින් මම හිතන්නේ motor shield එකක් ගන්න එක ඊට වැඩිය ලබයි වගේම පහසුයි. කොහොම උනත් ගෙදරදී motor controller එකක් හදන හැටි  ගැන post එකක් ලගදීම දාන්න බලන්නම්.

Gear motor හතර රෝදත් එක්කම $14කට වගේ ebay එකෙන් ගන්න පුළුවන්. මෙතන පාවිච්චි කරපු servo එක සාමාන්‍ය ඒවාට වැඩිය පොඩි (micro) servo එකක්, අපිට servo එක ඕන වෙන්නේ distance  module එක චලනය කරන්න විතරක් නිසා එක හොදටම ප්‍රමාණවත්. HC-SR04 Ultrasound Distance Module එකත් $1.90කට වගේ ගන්න පුළුවන්. මෙතැනදී DC  motors 4ක් ධාවනය වෙන නිසා දෙන power එක නම් ටිකක් වැඩි වෙන්න ඕන. මම පාවිච්චි කරේ AAA rechargeable battery  8ක්, 9v battery එකකින් power දුන්නට නම් මේක වැඩකරන්නේ නැ. මොකද battery එකේ voltage එක වැඩිඋනට මදි මෙතනදී වගේ motors ගොඩක් දුවන්න නම් battery එකේ cell ගානත් වැඩිවෙන්න ඕන. මම පොඩි battery 8ක් සම්බන්ද කරපු නිසා මේක 9.6v, cell 8ක battery එකකට සමානයි. 


මුලික පියවර -

හැම නිර්මාණයකට වගේම මෙතනත් මුලිකම දේ සැලසුම් කිරීම තමයි. ඕන කරන කැලි ටික ඔක්කොම හරිනම් chassis එක සැලසුම් කරන්න පුළුවන්. මම එකට පාවිච්චි කරේ 2mm plastic sheet එකක්. motor ටික chassis එකට සම්බන්ද කරන්න මම නම්  ඇලුමිනියම් mount කැලි 4ක් තමා පවිච්චිකරේ.












chassis සැලසුම් කරනකොට වැදගත්ම දේවල් තමයි හැමදෙයක්ම සවිකරන්න පුළුවන් විදියට අඩුම වර්ගඵලයක් chassis එකට ගන්න බලන්න. ඉස්සරහ sensor එකේ ආරක්ෂාව ගැනත් හිතන්න.
ඒ වගේම මෙතැනදී car එක හරවන්නේ පැති රෝද දෙක වෙනවෙනම ඉස්සරහට හා පස්සට ධාවනය කිරීමෙන්. පහල රුපය බැලුවම එක තේරුම්ගන්න පුළුවන්, ඉතින් ඒ ක්‍රමේට හරවන්න නම් රෝද හතර බිම ගැවෙන ලක්ෂ්‍ය සමචතුරශ්‍රයක කොන් වල තියන විදියට chassis එකේ motor සවිකරන්න ඕන.

 


 ඒ විදියට සැලසුම් කරපු chassis එක තමා මේ, මම තට්ටු දෙකකට මේක හැදුවේ battery වලට ගොඩක් ඉඩයන නිසා ඒවා වෙනම උඩ කොටසේ සවිකරන්න පුළුවන් විදියට.ඒ වගේම ඇතුලේ කොටස් සවිකරන්න 3mm සිදුරු අදාල තැන්වල විදලා තියෙන්නේ.  













Arduino board එකත් එක්ක අනිත් කොටස් සම්බන්ද වෙන circuit diagram එක පහල ඇති. ඒවා සම්බන්ද කරන්න මම වෙනම Prototype Development board එකක් පාවිච්චි කරාට එක නම් අනිවාර්ය දෙයක් නෙවෙයි. සම්බන්දක වයර් වලට jumper wire තමා  පවිච්චිකරේ. කොහොම උනත් පිලිවලට වැඩේ කරන්න උත්සහ කරන්න, හදිස්සියේ වයර් එකක්වත් ගැල උනොත්  හොයාගන්න ලේසිවෙන්න.



මම දීපු code එකට හරියන විදියට තමා මේ diagram එක තියෙන්නේ. code එක එහෙට මෙහෙට කරලා ඕන දෙයක් වෙනස් කර ගන්න ඔයාලට පුළුවන්.
Servo එකත් එක්ක Sensor එක සම්බන්ද කරන්න තව පොඩි වැඩක් කරන්න උනා එක මේ රුප දැක්කම පැහැදිලිවෙයි.



ඉතුරු කොටස් ටික හයිකරලා hardware කොටස ඉවරකලේ මෙහෙමයි.




code එක ගැන කතා කරනවානම් මේ algorithm එක net එකෙන් බාගතකරලා වෙනස්කරපු එකක්, ඒ නිසා code එක සුපිරි තත්වයේ තියනවා කියල කියන්න පුළුවන්. code එක දිහා සැලකිල්ලෙන් බැලුවොත් මොකද්ද හරියටම වෙන්නේ කියලා හිතාගන්න පුළුවන්වෙයි.


Arduino code එක මෙතනින් බලන්න.








26 Comments

Arduino ගැන...




ඉලෙක්ට්‍රොනික කටයුතු සදහා භාවිත කළහැකි භාවිතයට පහසු ,අවශ්‍ය පරිදි වෙනස් කළහැකි, සුනම්‍ය දෘඩාංග හා මෘදුකාංග පද්ධතියක් කියල තමා Arduino හදපු අය මේක හදුන්වන්නේ. ඒ අර්ථදැක්වීම 100% ඇත්ත කියල මේක භාවිත කරන ඕන කෙනෙක්ට තේරෙනවා. මේ තාක්ෂණය open-source තමා තියෙන්නේ. ඇත්තටම මේක අලුත්ම තාක්ෂණික දෙකුත් නෙවෙයි තිබුණ තාක්ෂණයක් භාවිතා කරන්න වඩාත් පහසු වෙන විදියට සරල විදියට ඉදිරිපත් කිරීමක්.
සරල උනාට මෙකෙන් කරන්න බැරි දේකුත් නැතිතරම්. ඒ තරමට Arduino දැන් ලෝකෙ ප්‍රචලිත හා දියුණු වෙලා තියෙන්නේ.

Arduino board එක ගත්තොත් microcontroller එකක් තමා මුලිකවම තියෙන්නේ. අවශ්‍ය උපකරණ එක්ක ලේසියෙන් සම්බන්ද කරන්න පුළුවන් විදියට නිර්මාණය කරපු Arduino  board එකත්, එක පහසුවෙන් programming කරන්න පුළුවන් විදියට හදපු Arduino programming language එකත් නිසා සාමන්‍ය PIC programming වලට වඩා ලේසියෙන් Arduino එක්ක වැඩ කරන්න පුළුවන්.
මේකේ තෂණික පැත්ත ගැන හැමදෙයක්ම Arduino home page එකට මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්. ඉතින් අයේ මෙතන එකේ පරිවර්තනයක් දාන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා මොකද Arduino ගැන හැමදෙයක්ම සරලව එතන ඉදිරිපත් කරලා තියනවා.

දැන් කතා කරමු අපේ වැඩ ගැන, Robotic වල මුලිකම දේ අපි කලින් විදාන ගත කරලා තියන දෙයක් ප්‍රධාන microcontroller එකක් සහ සම්බන්ද  අනිකුත් කොටස් සමග එකතු වෙලා නැවත ක්‍රියාවට නංවන එකනේ. ඉතින් ඒ microcontroller එක විදියට Arduino board එකක් තමා අපි ඉස්සරහට මේ වැඩ වලට භාවිත කරන්නේ.
ගොඩක්ම භාවිතා කරන්නේ Arduino uno, Arduino duemilanove හෝ ටිකක් ලොකු වැඩකට නම් Arduino mega වගේ board තමයි.

Arduino  board වල මිල ගණන් කතාකරොත් අපේ වැඩවලට නම් Arduino duemilanove board එකක් හොදටම ප්‍රමාණවත්. ඔයාලට ebay  එකෙන් $12 වගේ අසන්න මිලකට මේක ගන්න පුළුවන්වෙයි. ebay ගැන සිංහලෙන් දැනගන්න ඕනේ නම් මෙතනින් යන්න. දැන් නම් ලංකාවෙත් අඩු මුදලකට මේවා ගන්න පුළුවන් ( TechDuino , Lakduino ).
Board එකේ වැඩේ හරි නම් අන්තර්ජාලයේ Arduino ගැන ඉගෙන ගන්න ගොඩක් පහසුකම් තියනවා. youtube වල search එකක් දලා බලන්න සරලව මුලික දේවල් ඉගෙනගන්න හොද videos ගොඩක් එතන තියනවා.

Arduino ගැන කිසිම මුලික දැනීමක් නැතිනම් board එක පාවිච්චි කරලා කරන්න පොඩි පොඩි project ටිකක් මෙතනින් ගන්න. මේ PDF එක තමයි  Arduino ඉගෙනගන්න මට අන්තර්ජාලයෙන් හම්බඋන හොදම ප්‍රභවය. සරල දේවල් ටිකක් ඇති ඔක්කොම කරලා බලන්න.

9 Comments

Robotics කරන්න ඉස්සෙල්ල මේවා ගැනත් කියවල බලන්න



ඇත්තටම මේ විෂයට කෝඩුකාර අපිටනම් ඉස්සර තිබ්බ මුලිකම ගැටලු තමා,

     මේවා අපිට කරන්න පුළුවන් ද...?
     මොනාද ඕන සුදුසුකම්...? 
     මොනාද අවශ්‍යවෙන සම්පත්...?
ඉතින් ඒවා ගැනත් මුලින් කතා කරලා ඉන්න එක හොදයි වගේ.



1.  මේවා අපිට කරන්න පුළුවන් ද...?

කෙටියෙම්ම කියනවා නම් මේ බ්ලොග් එකේ තියන ගොඩක් ක්‍රියාකාරකම් 9 වසරේ මල්ලිලා නංගිලට උනත් ගොඩක් දුරට කරන්න පුළුවන්. නමුත් අපි මෙතැනදී කරන පැහැදිලි කිරීම් හැකි උපරිමෙන් කරන්න බලාපොරොත්තු උනත් තමන්ගේ හැකියාව, නිර්මාණශිලිත්වය, අත්දැකීම්, සමහර ඉලෙක්ට්‍රොනික් හා තාක්ෂණික දැනුම්  වගේ පොඩි පොඩි දේවල් ඒ ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය වෙයි. අමාරුවෙන් මේ අත්හදා බැලීම් කරනකොට ඒ හැමදෙයක්ම දියුණුවෙයි.

නමුත් මේ විෂය හදාරනකොට එන ලොකුම ගැටලුව ප්‍රයෝගික අත්හදා බැලීම් වලට අවශ්‍ය කොටස් වල මිල අධික බව. ලංකාවේ මේ පැත්තෙන් තියන දියුණුව අඩු නිසා මේවට අදාල භාණ්ඩ සහ සේවා මෙහෙන් හොයා ගන්න එකත් හරිම අමාරුයි. ඒත් අවශ්‍ය උනොත් ඒ සේවාවන් අඩුමිලට කරගන්න පුළුවන් තැන් ගැන අදාල විස්තර දෙන්නම්.
ගොඩක් වෙලාවට අවශ්‍යවෙන electronic කොටස් නම් ebay හරහා මිලදීගන්න වෙනවා. ඒ හැමදෙයක් ගැනමත් අනිවර්යන්ම අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද  අපේ බලාපොරොත්තුව A - Z මේ ගැන දැනුවත් කරන්න මිසක් මගදී ඔයාලව අතරමන් කරන්න  නෙවෙයි.


2. මොනාද ඕන සුදුසුකම්...?

සරලයි, අනිවාර්ය එකම සුදුසුකම මේ පිළීබද තියන ආසාව විතරයි.

       - මුලික electronic ගැන දැනුම
       - සාමාන්‍ය උපකරණ භාවිතා කිරීමේ හැකියාව
       - programming language කුසලතාව
වගේ තියනවානම් මේවා හරිම ලේසියි.

3. අවශ්‍යවෙන සම්පත්...?

කලින් කිව්ව වාගේ මුල්‍ය සම්පත හා දැනුම තමා ගොඩක් වැදගත් වෙන්නේ, ඊට අමතරව අවශ්‍ය උපකරණ ගැන විස්තරයක් වෙනම පොස්ට් එකකින් ඉදරිපත් කරන්න බලන්නම්.



5 Comments

ලංකාවේ රොබෝතාක්‍ෂණය

                             
මාතෘකාව ගොඩක් බරපතලයි වගේ උනාට අපි මෙතන කතා කරන්න හදන්නේ නම් හරිම සරල දේවල් ටිකක් ගැන. අපිට ඇත්තටම පිළිගන්න වෙනවා ලංකාවේ රොබෝ තාක්ෂණයේ භාවිතය ඍණ අනන්තයේ තියෙන්නේ කියලා, එත් දැන්නම්  එක බින්දුවට ලගාවෙන ගමන් වගේ. හිතල බලන්න ජපානේ වගේ රටක මෙවගේ භාවිතය. මෙහෙ robotic ගැන ගොඩක් අය හිතන් ඉන්නේ බටහිර චිත්‍රපටි වල තියනවා වගේ අදහගන්න බැරි අපිට හිතන්නවත් බැරි දෙයක් කියල, මේ විෂයේ පරාසය වැඩියි ඉතින් අපිට සරල දෙකින් පටන් ගත්තොත් මේක මහලොකු දේකුත් නෙවෙයි.




ඇයි අපි මේ වගේ දෙයක් ඉගෙන ගන්නේ, robotic කියන්නේ ටිකක් මොලේ පාවිච්චි කරලා කල්පනාවෙන් කරන්න ඕන දෙයක්, ඉතින් මේවගේ දෙකට යොමුවෙනවා නම් ඇත්තටම ඔයාලත් නිර්මාණශීලි විශිෂ්ටයෝ වෙයි. හිතන්න අඩුම තරමේ LED එකක ධන ඍන හොයා ගන්න බැරි Science කරන නංගිලා මල්ලිලා කොච්චර ඉන්නවද කියලා. ලංකාවේ මිනිස්සු බුද්ධිමත් උනාට අපි කතා කරන මේ විෂයෙන් අපිට තාමත් ලෝකෙට දැනෙන්න වැඩක් කරන්න බැරි වෙන්න අපි දකින ප්‍රධාන හේතුව අවශ්‍ය කාලසීමාවේදී මේක ගැන ඉගෙන ගන්න ක්‍රමයක් නැතිකම. ගොඩක් වෙලාවට මේවා ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ campus එකේදී. එත් එතැනදී ලැබෙන කාල රමුවත් එක්ක ලොකු වැඩක් කරන්න ඇත්තටම අමාරුයි.

Microcontroller programming කරන්න ජපානේ ළමයෙක් ඉගෙන ගන්නේ වයස අවුරුදු  10 දී විතර, මෙහෙත් 9 වසරේ ළමයෙක්ට මම හිතනවා පොඩ්ඩක් උනන්දු උනොත් මේවා ගැන ඉගෙන ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේ වයසකදී මේවා ගැන හදාරන්න පුළුවන් උනොත් වයසත් එක්ක අනාගතේ හොද නිර්මාණ කරන්න පුළුවන් වෙයි අපේ නංගිලා මල්ලිලාටත්.
මේ blog එකෙන් අපේ අරමුණත් ඒ වගේ අයට අපේ දැනුම බෙදල දෙන්න. සාමාන්‍ය රටාවෙන් බැහැර වෙලා අමුතු විදියට මේක කරගෙන යන්න තමා දැනට plan එක. ඒ කියන්නේ ගෙඩියපිටින් ප්‍රයෝගික වැඩ වලට යනවා, මුලික ඉලෙක්ට්‍රොනික් , programming  වගේ කම්මැලි දේවල් ගැන මෙතැනදී ගොඩක් කතා කරන්නේ නෑ. ප්‍රයෝගික ක්‍රියාකාරකම් තමා ප්‍රධාන.
එහෙනං රැදිලා ඉන්න අපිත් එක්ක. සුබපැතුම් ඔයාල හැමෝටම..!!!



11 Comments
Powered by Blogger.

Search

Lanka Robotic WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.