Arduino ගැන...




ඉලෙක්ට්‍රොනික කටයුතු සදහා භාවිත කළහැකි භාවිතයට පහසු ,අවශ්‍ය පරිදි වෙනස් කළහැකි, සුනම්‍ය දෘඩාංග හා මෘදුකාංග පද්ධතියක් කියල තමා Arduino හදපු අය මේක හදුන්වන්නේ. ඒ අර්ථදැක්වීම 100% ඇත්ත කියල මේක භාවිත කරන ඕන කෙනෙක්ට තේරෙනවා. මේ තාක්ෂණය open-source තමා තියෙන්නේ. ඇත්තටම මේක අලුත්ම තාක්ෂණික දෙකුත් නෙවෙයි තිබුණ තාක්ෂණයක් භාවිතා කරන්න වඩාත් පහසු වෙන විදියට සරල විදියට ඉදිරිපත් කිරීමක්.
සරල උනාට මෙකෙන් කරන්න බැරි දේකුත් නැතිතරම්. ඒ තරමට Arduino දැන් ලෝකෙ ප්‍රචලිත හා දියුණු වෙලා තියෙන්නේ.

Arduino board එක ගත්තොත් microcontroller එකක් තමා මුලිකවම තියෙන්නේ. අවශ්‍ය උපකරණ එක්ක ලේසියෙන් සම්බන්ද කරන්න පුළුවන් විදියට නිර්මාණය කරපු Arduino  board එකත්, එක පහසුවෙන් programming කරන්න පුළුවන් විදියට හදපු Arduino programming language එකත් නිසා සාමන්‍ය PIC programming වලට වඩා ලේසියෙන් Arduino එක්ක වැඩ කරන්න පුළුවන්.
මේකේ තෂණික පැත්ත ගැන හැමදෙයක්ම Arduino home page එකට මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්. ඉතින් අයේ මෙතන එකේ පරිවර්තනයක් දාන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා මොකද Arduino ගැන හැමදෙයක්ම සරලව එතන ඉදිරිපත් කරලා තියනවා.

දැන් කතා කරමු අපේ වැඩ ගැන, Robotic වල මුලිකම දේ අපි කලින් විදාන ගත කරලා තියන දෙයක් ප්‍රධාන microcontroller එකක් සහ සම්බන්ද  අනිකුත් කොටස් සමග එකතු වෙලා නැවත ක්‍රියාවට නංවන එකනේ. ඉතින් ඒ microcontroller එක විදියට Arduino board එකක් තමා අපි ඉස්සරහට මේ වැඩ වලට භාවිත කරන්නේ.
ගොඩක්ම භාවිතා කරන්නේ Arduino uno, Arduino duemilanove හෝ ටිකක් ලොකු වැඩකට නම් Arduino mega වගේ board තමයි.

Arduino  board වල මිල ගණන් කතාකරොත් අපේ වැඩවලට නම් Arduino duemilanove board එකක් හොදටම ප්‍රමාණවත්. ඔයාලට ebay  එකෙන් $12 වගේ අසන්න මිලකට මේක ගන්න පුළුවන්වෙයි. ebay ගැන සිංහලෙන් දැනගන්න ඕනේ නම් මෙතනින් යන්න. දැන් නම් ලංකාවෙත් අඩු මුදලකට මේවා ගන්න පුළුවන් ( TechDuino , Lakduino ).
Board එකේ වැඩේ හරි නම් අන්තර්ජාලයේ Arduino ගැන ඉගෙන ගන්න ගොඩක් පහසුකම් තියනවා. youtube වල search එකක් දලා බලන්න සරලව මුලික දේවල් ඉගෙනගන්න හොද videos ගොඩක් එතන තියනවා.

Arduino ගැන කිසිම මුලික දැනීමක් නැතිනම් board එක පාවිච්චි කරලා කරන්න පොඩි පොඩි project ටිකක් මෙතනින් ගන්න. මේ PDF එක තමයි  Arduino ඉගෙනගන්න මට අන්තර්ජාලයෙන් හම්බඋන හොදම ප්‍රභවය. සරල දේවල් ටිකක් ඇති ඔක්කොම කරලා බලන්න.

Bookmark the permalink. RSS feed for this post.

9 Responses to Arduino ගැන...

  1. Arduino board එක පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන IC එක programme කරන්ඩ විතරද?
    නැත්තන් සිර්කිට් එක හදලා ඉවර වෙද්දීත් ඒකට Arduino board එක සවි කරලා තියෙන්න ඕනෙද? (ඒ කියන්නේ අපි හදන හැම සිර්කිට් එකකටම ඔය board එක ගානේ ගන්න ඕනෙද?)

    ReplyDelete
    Replies
    1. Arduino එක හදල තියෙන්නේ නම් IC එකත් එක්ක boad එක පාවිච්චි කරන්න. board එකේ සැකැස්ම නිර්මාණය කරලා තියෙන්නේත් ඉලෙක්ට්‍රොනික කොටස් සමග ලේසියෙන් සම්බන්ද කරන්න පුළුවන් විදියට. Arduino Uno ,Arduino Duemilanove bord වල විතරක් IC එක ගලවල පරිපථ වලට වෙනම සවි කරන්න පුළුවන්

      Delete
    2. ස්තුතියි......

      පුලුවන්නම් මේකේ තියන comments moderation එක ඉවත් කරන්ඩ.නැත්තන් comment කරන්න ගියාම හරි කරදරයි.

      Delete
  2. අනේ ඉක්මනටම උත්තරයක් ඕන .Arduino Bootloader කියල කියන්නේ මොකක්ද.ඒ වගෙම මේක arduino එකේ වර්ගෙන් වර්ගයට වෙනස් වෙනවද.අනේ ඉක්මනට පිළිතුරක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. සරලවම කියනවනම් bootloader කියන්නේ කුඩා code එකක්. Aruduino සදහා භාවිතා කරන ATmega ic එකට Bootloader එක Burn කරාට පස්සේ වෙනත් අමතර බාහිර දෘඩාන්ග රහිතව Arduino code එක run කර ගන්න පුළුවන්. IC වර්ගය අනුව bootloader එක වෙනස් වෙනවා. එකම IC එකට උනත් අපි කරන්න හදන වැඩේ අනුව සුදුසු bootloader එකක් භාවිතා කරන්න පුළුවන්.
      (bootloader එක burn කරන්න අවශ්‍ය වෙන්නේ අලුත් ATmega IC සදහා පමණයි, arduino board එක එන්නේ bootloader සමගමයි.)

      Delete
  3. මම තනියම Arduino Clone එකක් හැදුව.ඒත් ඒකට Sketch එකක් Upload කරන කොට මෙන්න මේ Error එක එනව.
    "avrdude: stk500_getsync(): not in sync: resp=0x00"
    අනේ මේකට හේතුව මොකක්ද.උත්තරයක් දුන්නොත් බොහෝම ස්තුතියි.
    මම මේකට පවිච්චි කරේ ATmega328 With Uno bootloader එක

    ReplyDelete
  4. කකුල් 2න් ඇවිදින රොබෝ කෙනෙක් හදන විදිහ කියන්නකො

    ReplyDelete
  5. bootloader eka aluthen ic ekata burn karala, eka arduino board ekata set karama ota error msg eka matath awa.google eke gahala balapan uno eka haraha ic eka burn karala, code eka upload karana widiyak thiyanawa. podi circuit ekak haraha. eka mata nam wada kara. try karala balapan

    ReplyDelete
  6. මම ebay එකෙන් arduino uno එකක් බැලුව. එකෙ uno board තියෙනව ch340 සහ atmega16u2 කියල chip වර්ග දෙකකින්.මොකක්ද හොද එක?

    ReplyDelete

අදහස් සමග පින්තුර එකතු කිරීමට පහත කේතයන් භාවිත කලහැක..

Image: [im]Image URL Here[/im]
Colors: [co="red"]Comment Text Here[/co]
Marquee: [ma]Comment Text[/ma]

Powered by Blogger.

Search

Lanka Robotic WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.