Raspberry Pi හැදින්වීම

තාක්ෂණික දේවල් ගැන උනන්දුවක් තියන කෙනෙක්නම්  Raspberry Pi කියන නම අහල ඇති. මොකද  පසුගිය කාලසීමාවේ ඉතාම ජනප්‍රිය උපාංගයක් විදියට Raspberry Pi ගැන අන්තර්ජාලයේ ලොකු කතාබහක් තිබුණා. Raspberry Pi ගැන මුලික හැදින්වීමක් දෙන්න තමා මේ post එකේ බලාපොරොත්තුව.





Raspberry Pi කියන්නේ single-board computer එකක් ඒ කියන්නේ පරිගණකයකට අවශ්‍ය සියලු උපාංග සවිකරපු තනි board එකක්. Processor, RAM, Display adapter මේ ඔක්කොමත් එක්ක මේකේ size  එක credit card එකක් තරම්. මේ උපාංගය TV එකක් keybord එකක් එක්ක සවිකරලා ගත්තම සාමාන්‍ය පරිගණකයෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ හරහාත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ games, word - processing, spreadsheets වගේ දේවල්. ඒ වගේම high - definition ඒ කියන්නේ HD අත්දැකීමත් මේ හරහා ලබාගන්න පුළුවන්.



එංගලන්තේ Raspberry Pi foundation ආයතනය මේ single-board computer එක නිර්මාණය කලේ අඩු අදායම්ලාභි පාසල් සිසුන් අතරත් පරිගණක ඉගැන්වීම් ප්‍රචලිත කිරීමේ අරමුණින්. ඒ නිසාම 25$ වගේ අඩු  මිලකට පාසල් සිසුන්ට මේ උපාංගය මිලදීගන්න පුළුවන්වුනා. නමුත් දැන් නම් Raspberry Pi ඉතාම ජනප්‍රිය වෙලා තියෙන්නේ electronics hobbyist ලා අතරයි, මොකද මේ පුංචි උපකරණය පරිගණකයක් විදියට භාවිත කරන්න පුළුවන් වගේම මිලෙනුත් අඩු නිසා.

ඉතින් මේ Raspberry Pi එකෙන් වැඩ කරන්න නම් SD memory card එකක් හරහා මෙහෙයුම් පද්ධතියක් install කරන්න වෙනවා. ගොඩක් වෙලාවට ''Debian'' free operating system එක තමා Raspberry Pi එකත් එක්ක වැඩකරන්න පාවිච්චිකරන්නේ. නමුත් Android උනත් Raspberry Pi එකත් එක්ක වැඩකරනවා.
700 MHz processing power එකක් වගේම 256 or 512 RAM  එකක් තියන නිසා size එකේ හැටියට හොද speed එකක් මේ උපාංගය සතුයි. Raspberry Pi ගැන බ්ලොග් එකේ ලියන්න කියල හිතුනෙත් සාමානයෙන් Robotics සදහා භාවිතා කරන සරල microcontroller වලින් ඔබ්බට ගිහින් වැඩිධාරිතාවක් තියන processor, Robotics වැඩ වලට භාවිතා කරන ප්‍රවනතාවක් දැන් දැන් තියන නිසයි.

Robotics  සදහා ප්‍රචලිත වෙලා තියන Arduino platform එක උනත් මුලික වෙලා තියෙන්නේ සරල  microcontroller එකක් මත නිසා ඒ හරහා කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයත් ඒ microcontroller එකට සිමා වෙනවා. නමුත් හිතල බලන්න Arduino එකත් එක්ක Raspberry Pi සම්බන්ධ කරොත් Robotics කොච්ච්ච්ර දියුණු කරන්න පුලුවන්ද කියල. මිට අවරුදු කිහිපයකට කලින් Arduino ලංකාවට ඇවිල්ල මේ කෙටිකාලය ඇතුලත ලංකාවේ ප්‍රචලිතවුනා වගේම, Raspberry Pi පුංචි පරිගණකයත් ඉදිරියේදී ලංකාව තුල ජනප්‍රිය වේවි. Raspberry Pi යොදාගෙන ඉදිරියේදී Robotics වැඩ ගැන ඔයාලව දැනුවත්  කරන්න අපි බලාපොරොත්තු වෙනවා, ඒ වගේම Raspberry Pi වල තාක්ෂණික පැත්ත ගැන ඊලග පොස්ට් එකෙන් හමුවෙමු.




Bookmark the permalink. RSS feed for this post.

4 Responses to Raspberry Pi හැදින්වීම

  1. meka gena mamath visthara hoyanawa. meka lankawe ganna ne neda.

    ReplyDelete
    Replies
    1. ගන්න පුළුවන් සහෝ, නමුත් මිල ගොඩක් වැඩියි. Raspberry Pi නිළ වෙළද නියෝජිත ආයතනයකින් ලංකාවට ගෙන්නගන්න එක තමයි මම නම් අනුමත කරන්නේ.
      Premier Farnell/Element 14 , RS Components හරහා Raspberry Pi ලංකාවට ගෙන්නවා ගන්න පුළුවන්.

      Delete
    2. eBay eke element14 shop eken genna ganna. $38yi

      Delete
  2. Niyamai math mekagena hoya hoya hitiye.... Thankzzzz....

    ReplyDelete

අදහස් සමග පින්තුර එකතු කිරීමට පහත කේතයන් භාවිත කලහැක..

Image: [im]Image URL Here[/im]
Colors: [co="red"]Comment Text Here[/co]
Marquee: [ma]Comment Text[/ma]

Powered by Blogger.

Search

Lanka Robotic WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.