මාතෘකාව ගොඩක් බරපතලයි වගේ උනාට අපි මෙතන කතා කරන්න හදන්නේ නම් හරිම සරල
දේවල් ටිකක් ගැන. අපිට ඇත්තටම පිළිගන්න වෙනවා ලංකාවේ රොබෝ තාක්ෂණයේ භාවිතය
ඍණ අනන්තයේ තියෙන්නේ කියලා, එත් දැන්නම් එක බින්දුවට ලගාවෙන ගමන් වගේ.
හිතල බලන්න ජපානේ වගේ රටක මෙවගේ භාවිතය. මෙහෙ robotic ගැන ගොඩක් අය හිතන්
ඉන්නේ බටහිර චිත්‍රපටි වල තියනවා වගේ අදහගන්න බැරි අපිට හිතන්නවත් බැරි
දෙයක් කියල, මේ විෂයේ පරාසය වැඩියි ඉතින් අපිට සරල දෙකින් පටන් ගත්තොත් මේක
මහලොකු දේකුත් නෙවෙයි.

ඇයි අපි මේ වගේ දෙයක් ඉගෙන ගන්නේ, robotic
කියන්නේ ටිකක් මොලේ පාවිච්චි කරලා කල්පනාවෙන් කරන්න ඕන දෙයක්,
ඉතින් මේවගේ දෙකට යොමුවෙනවා නම් ඇත්තටම ඔයාලත් නිර්මාණශීලි විශිෂ්ටයෝ වෙයි.
හිතන්න අඩුම තරමේ LED එකක ධන ඍන හොයා ගන්න බැරි Science කරන නංගිලා
මල්ලිලා කොච්චර ඉන්නවද කියලා. ලංකාවේ මිනිස්සු බුද්ධිමත් උනාට අපි කතා කරන
මේ විෂයෙන් අපිට තාමත් ලෝකෙට දැනෙන්න වැඩක් කරන්න බැරි වෙන්න අපි දකින
ප්‍රධාන හේතුව අවශ්‍ය කාලසීමාවේදී මේක ගැන ඉගෙන ගන්න ක්‍රමයක් නැතිකම. ගොඩක්
වෙලාවට මේවා ගැන ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ campus එකේදී. එත් එතැනදී ලැබෙන කාල රමුවත් එක්ක ලොකු වැඩක් කරන්න ඇත්තටම අමාරුයි.
Microcontroller
programming කරන්න ජපානේ ළමයෙක් ඉගෙන ගන්නේ වයස අවුරුදු 10 දී විතර,
මෙහෙත් 9 වසරේ ළමයෙක්ට මම හිතනවා පොඩ්ඩක් උනන්දු උනොත් මේවා ගැන ඉගෙන ගන්න
එක ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේ වයසකදී මේවා ගැන හදාරන්න පුළුවන් උනොත් වයසත්
එක්ක අනාගතේ හොද නිර්මාණ කරන්න පුළුවන් වෙයි අපේ නංගිලා මල්ලිලාටත්.
මේ
blog එකෙන් අපේ අරමුණත් ඒ වගේ අයට අපේ දැනුම බෙදල දෙන්න. සාමාන්‍ය රටාවෙන් බැහැර වෙලා අමුතු විදියට මේක කරගෙන යන්න තමා දැනට plan එක. ඒ කියන්නේ
ගෙඩියපිටින් ප්‍රයෝගික වැඩ වලට යනවා, මුලික ඉලෙක්ට්‍රොනික් , programming
වගේ කම්මැලි දේවල් ගැන මෙතැනදී ගොඩක් කතා කරන්නේ නෑ. ප්‍රයෝගික
ක්‍රියාකාරකම් තමා ප්‍රධාන.
එහෙනං රැදිලා ඉන්න අපිත් එක්ක. සුබපැතුම් ඔයාල හැමෝටම..!!!
ඇත්තටම මේ වගෙ වැඩක් කරන 1නම් ලොකු දෙයක්.
ReplyDeleteඅදහස් වලට බොහොම ස්තුතියි, දිගටම රැදිලා ඉන්න
DeleteNiyamai ayya Digatama karan yanna .!!!!!!!!!!!!
ReplyDeleteඅදහස් දැක්වූවට ස්තූතියි යාලුවා!
Deleteමේ බ්ලොග් එක බුක්මාර්ක් බාර් එකට දාන්න වටිනවා
ReplyDeleteA very good attempt.
ReplyDeleteWish you good luck and keep it up!
mama python programming karanawaa....raspbery pi wala programming parts tikakuth danda ayye..elakirima blog ekak patta...!!!!
ReplyDeleteකියල වැඩක් නැ,අය්යේ බ්ලොගිය සුපිරි!!!.මම හදවතින්ම සුභ පතනවා...!!!!!!
ReplyDeleteNiyamao aiya.obat jaya..........
ReplyDeleteNiyamao aiya.obat jaya..........
ReplyDeleteනියමයි
ReplyDeleteමගේ මල්ලි කෙනෙක් ඉන්නවා 10 වසරේ ගමේ පාසලක..
එයා electric වැඩ වලට දක්ශයි.එයාගේ ලොකු හිනයක් තියෙනවා robotics ඉගෙන ගන්න...සහෝ පුලුවන් නම් කොහොමද එයා ආරම්භ කරන්නේ කියලා පොඩ්ඩක් කියනවද
ලොකු පිනක් ඇත්තටම