Raspberry Pi ගැන තාක්ෂණික විස්තර...

Raspberry Pi ගැන මුලික විස්තරයක් කලින් post එකේදී හැමොටම ලැබුන කියල හිතනවා. මේ උපකරණයේ තාක්ෂණික පැත්ත ගැන කතා කරනවා නම් මේක පුංචි පරිගණකයක් නිසා අභ්‍යන්තර සැකැස්ම සංකීර්ණයි. දැනට Raspberry Pi මාදිලි දෙකක් නිකුත් වෙලා තියනවා. ඒ තමයි, Model A සහ Model B. Model A සතුව 256MB RAM සහ USB port එකක් තියනවා, Model B  සතුව 512MB RAM, 2 USB port සහ අමතරව Ethernet port එකක් සහිතව නිපදවල තියනවා.
වියදම හා ක්‍රියාකාරිත්වය ගැන සලකබලලා Arm11 processor එකක් Raspberry Pi සදහා භාවිතා කරනවා. මේ ඔක්කොමත් එක්ක 300MHz Pentium 2 වේගයක් සහිත පරිගණකයකට Raspberry Pi සමාන කරන්න පුළුවන්. ඒ වගේම Xbox 1 level වලට සමාන graphic අත්දැකීමක් ගන්නත් Raspberry Pi හරහා පුළුවන්.

Video output, HDMI port  එක හරහා පරිගණක තීරයකට ලබාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් RCA හරහා TV  එකකට උනත් සම්බන්ද කරන්න පුළුවන්. HDMI port  (High-Definition Multimedia Interface) එක ගැන කතාකරනවා නම් මේ port එක හරහා audio සහ video දෙකම එකවර සම්ප්‍රේෂණය කරන්න පුළුවන් විදියට තමා හදල තියෙන්නේ. නවීන monitor,laptop හා TV සදහා දැන් මේ HDMI Interface එක බහුලව යොදාගන්නවා.

Audio output, HDMI හරහා ලබාගන්න පුළුවන් වගේම  සම්මත 3.5mm audio jack එක හරහාත් audio output ලබාගන්න පුළුවන්. microphone වලට නම් jack එකක් එන්නේ නැහැ, නමුත් USB port තියන නිසා USB microphone එකක් භාවිතා කරන්න පුළුවන්.
Model B සමග එන Ethernet port එක නිසා computer networking කටයුතු පවා අලුත් Raspberry Pi එක්ක කරන්න අවස්ථාව තියනවා.

Raspberry Pi සදහා බලසපැයුම  5v micro USB එකකින් සපයන්න පුළුවන්. ON /OFF switch එකක් Raspberry Pi එකක එන්නේ නැති නිසා ප්‍රධාන බල සැපයුම මගින් තමයි ON /OFF කිරීමත් කරන්නේ.

GPIO headers ගැන කතා කරනවා නම්, මේවා තමා Raspberry Pi, අපිට පාවිච්චි කරන්න දීල තියන INPUT / OUTPUT pins. සරලවම කියනවා නම් LEDs, switches, analog signals, sensors වගේ දේවල් පාලනය කරන්න වගේම Arduino එකක් සමග සම්බන්ධ වෙන්න GPIO headers භාවිත කරන්න පුළුවන්.

පරිගණකයේ Hard disk එකට සමානව Raspberry Pi ප්‍රධාන මතක ගබඩාව තමයි SD card එක. අවශ්‍ය මෙහෙයුම් පද්ධතියේ image file එක SD card එකඇතුළු කරලා  ඒ මගින් Raspberry Pi බූට් කරගන්න පුළුවන්.


Raspberry Pi වල software පැත්ත ගැන කතා කරනවා නම් ප්‍රධාන වශයෙන් Raspberry Pi සමග  භාවිත කරන මෙහෙයුම් පද්ධතිය ''Debian''. Debian කියන්නේ Linux කර්නල් එක මත පදනම්වුනු free operating system එකක්. ඒ වගේම Raspberry Pi සදහා Android යොදාගන්න අත්හදාබැලීම් අන්තර්ජාලයේ හොයාගන්න පුළුවන්. පෙන විදියට නම් අවුලක් නැතුව Android, Raspberry Pi සමග වැඩකරනවා.
Raspberry Pi සදහා  ප්‍රසිද්ධම  ක්‍රමලේඛණ භාෂාව විදියට ''Python'' යොදාගනන්වා.

Raspberry Pi ගැන post දෙකක් ලිව්ව නිසා දැන්නම් මේ උපාංගය ගැන ඔයාල සාමාන්‍ය දැනුමක් ලබාගන්න ඇති කියල විශ්වාස කරනවා. මිට අමතරව www.raspberrypi.org නිල වෙබ් අඩවියෙන් මේ ගැන වැඩි විතර හොයාගන්න පුළුවන්. එහෙනම් ඉදිරියේදී Raspberry Pi සම්බන්ද  project එකකින් හමුවෙමු.

Bookmark the permalink. RSS feed for this post.

2 Responses to Raspberry Pi ගැන තාක්ෂණික විස්තර...

  1. මෙම සතියේ වෙබ් අඩවිය ලෙස සිංහ පීඩියාව ඔබගේ ලන්කා රොබෝටික් අඩවිය තෝරා ගත් බව ඉතා සතුටින් දැනුම් දෙනු.පැමිණෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි 'සිංහ පීඩියා'
      වචනයෙන් කියන්න බැරි තරම් ලොකු දිරිගැන්වීමක්
      සිංහල බ්ලොග්කරුවන්ට දිගටම සවියක් වෙන්න ලැබෙන්න කියල 'සිංහ පීඩියා' වලටත් අපේ සුබ පැතුම්.

      Delete

අදහස් සමග පින්තුර එකතු කිරීමට පහත කේතයන් භාවිත කලහැක..

Image: [im]Image URL Here[/im]
Colors: [co="red"]Comment Text Here[/co]
Marquee: [ma]Comment Text[/ma]

Powered by Blogger.

Search

Lanka Robotic WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.