ඉලෙක්ට්‍රොනික කටයුතු සදහා භාවිත කළහැකි භාවිතයට පහසු ,අවශ්‍ය පරිදි වෙනස්
කළහැකි, සුනම්‍ය දෘඩාංග හා මෘදුකාංග පද්ධතියක් කියල තමා Arduino හදපු අය
මේක හදුන්වන්නේ. ඒ අර්ථදැක්වීම 100% ඇත්ත කියල මේක භාවිත කරන ඕන කෙනෙක්ට
තේරෙනවා. මේ තාක්ෂණය open-source තමා තියෙන්නේ. ඇත්තටම මේක අලුත්ම තාක්ෂණික දෙකුත් නෙවෙයි තිබුණ තාක්ෂණයක් භාවිතා කරන්න වඩාත් පහසු වෙන විදියට සරල
විදියට ඉදිරිපත් කිරීමක්.
සරල උනාට මෙකෙන් කරන්න බැරි දේකුත් නැතිතරම්. ඒ තරමට Arduino දැන් ලෝකෙ ප්‍රචලිත හා දියුණු වෙලා තියෙන්නේ.
Arduino
board එක ගත්තොත් microcontroller එකක් තමා මුලිකවම තියෙන්නේ. අවශ්‍ය
උපකරණ එක්ක ලේසියෙන් සම්බන්ද කරන්න පුළුවන් විදියට නිර්මාණය කරපු Arduino
board එකත්, එක පහසුවෙන් programming කරන්න පුළුවන් විදියට හදපු Arduino
programming language එකත් නිසා සාමන්‍ය PIC programming වලට වඩා ලේසියෙන්
Arduino එක්ක වැඩ කරන්න පුළුවන්.
මේකේ තෂණික පැත්ත ගැන හැමදෙයක්ම
Arduino home page එකට
මෙතනින් ගිහින් බලාගන්න පුළුවන්. ඉතින් අයේ මෙතන එකේ පරිවර්තනයක් දාන්න ඕන වෙන එකක් නෑ කියල හිතනවා මොකද Arduino ගැන හැමදෙයක්ම සරලව එතන ඉදිරිපත් කරලා තියනවා.
දැන්
කතා කරමු අපේ වැඩ ගැන, Robotic වල මුලිකම දේ අපි කලින් විදාන ගත කරලා තියන
දෙයක් ප්‍රධාන microcontroller එකක් සහ සම්බන්ද අනිකුත් කොටස් සමග එකතු
වෙලා නැවත ක්‍රියාවට නංවන එකනේ. ඉතින් ඒ microcontroller එක විදියට Arduino
board එකක් තමා අපි ඉස්සරහට මේ වැඩ වලට භාවිත කරන්නේ.
ගොඩක්ම භාවිතා කරන්නේ Arduino uno, Arduino duemilanove හෝ ටිකක් ලොකු වැඩකට නම් Arduino mega වගේ board තමයි.
Arduino
board වල මිල ගණන් කතාකරොත් අපේ වැඩවලට නම් Arduino duemilanove board
එකක් හොදටම ප්‍රමාණවත්. ඔයාලට ebay එකෙන් $12 වගේ අසන්න මිලකට මේක ගන්න
පුළුවන්වෙයි. ebay ගැන සිංහලෙන් දැනගන්න ඕනේ නම්
මෙතනින් යන්න. දැන් නම්
ලංකාවෙත් අඩු මුදලකට මේවා ගන්න පුළුවන් (
TechDuino ,
Lakduino ).
Board
එකේ වැඩේ හරි නම් අන්තර්ජාලයේ Arduino ගැන ඉගෙන ගන්න ගොඩක් පහසුකම්
තියනවා. youtube වල search එකක් දලා බලන්න සරලව මුලික දේවල් ඉගෙනගන්න හොද
videos ගොඩක් එතන තියනවා.
Arduino ගැන කිසිම මුලික දැනීමක් නැතිනම් board එක පාවිච්චි කරලා කරන්න
පොඩි පොඩි project ටිකක්
මෙතනින් ගන්න. මේ PDF එක තමයි Arduino ඉගෙනගන්න
මට අන්තර්ජාලයෙන් හම්බඋන හොදම ප්‍රභවය. සරල දේවල් ටිකක් ඇති ඔක්කොම කරලා
බලන්න.