Robotics කරන්න ඉස්සෙල්ල මේවා ගැනත් කියවල බලන්න



ඇත්තටම මේ විෂයට කෝඩුකාර අපිටනම් ඉස්සර තිබ්බ මුලිකම ගැටලු තමා,

     මේවා අපිට කරන්න පුළුවන් ද...?
     මොනාද ඕන සුදුසුකම්...? 
     මොනාද අවශ්‍යවෙන සම්පත්...?
ඉතින් ඒවා ගැනත් මුලින් කතා කරලා ඉන්න එක හොදයි වගේ.



1.  මේවා අපිට කරන්න පුළුවන් ද...?

කෙටියෙම්ම කියනවා නම් මේ බ්ලොග් එකේ තියන ගොඩක් ක්‍රියාකාරකම් 9 වසරේ මල්ලිලා නංගිලට උනත් ගොඩක් දුරට කරන්න පුළුවන්. නමුත් අපි මෙතැනදී කරන පැහැදිලි කිරීම් හැකි උපරිමෙන් කරන්න බලාපොරොත්තු උනත් තමන්ගේ හැකියාව, නිර්මාණශිලිත්වය, අත්දැකීම්, සමහර ඉලෙක්ට්‍රොනික් හා තාක්ෂණික දැනුම්  වගේ පොඩි පොඩි දේවල් ඒ ක්‍රියාකාරකම් කරන්න අවශ්‍ය වෙයි. අමාරුවෙන් මේ අත්හදා බැලීම් කරනකොට ඒ හැමදෙයක්ම දියුණුවෙයි.

නමුත් මේ විෂය හදාරනකොට එන ලොකුම ගැටලුව ප්‍රයෝගික අත්හදා බැලීම් වලට අවශ්‍ය කොටස් වල මිල අධික බව. ලංකාවේ මේ පැත්තෙන් තියන දියුණුව අඩු නිසා මේවට අදාල භාණ්ඩ සහ සේවා මෙහෙන් හොයා ගන්න එකත් හරිම අමාරුයි. ඒත් අවශ්‍ය උනොත් ඒ සේවාවන් අඩුමිලට කරගන්න පුළුවන් තැන් ගැන අදාල විස්තර දෙන්නම්.
ගොඩක් වෙලාවට අවශ්‍යවෙන electronic කොටස් නම් ebay හරහා මිලදීගන්න වෙනවා. ඒ හැමදෙයක් ගැනමත් අනිවර්යන්ම අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද  අපේ බලාපොරොත්තුව A - Z මේ ගැන දැනුවත් කරන්න මිසක් මගදී ඔයාලව අතරමන් කරන්න  නෙවෙයි.


2. මොනාද ඕන සුදුසුකම්...?

සරලයි, අනිවාර්ය එකම සුදුසුකම මේ පිළීබද තියන ආසාව විතරයි.

       - මුලික electronic ගැන දැනුම
       - සාමාන්‍ය උපකරණ භාවිතා කිරීමේ හැකියාව
       - programming language කුසලතාව
වගේ තියනවානම් මේවා හරිම ලේසියි.

3. අවශ්‍යවෙන සම්පත්...?

කලින් කිව්ව වාගේ මුල්‍ය සම්පත හා දැනුම තමා ගොඩක් වැදගත් වෙන්නේ, ඊට අමතරව අවශ්‍ය උපකරණ ගැන විස්තරයක් වෙනම පොස්ට් එකකින් ඉදරිපත් කරන්න බලන්නම්.



Bookmark the permalink. RSS feed for this post.

5 Responses to Robotics කරන්න ඉස්සෙල්ල මේවා ගැනත් කියවල බලන්න

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Replies
    1. ස්තුතියි යාළුවා, ඒ වගේම ටෙක්නික්ස් බ්ලොග් එකටත් ජය...!!!

      Delete
    2. අහ් උඹද ටෙක්නික්ස් බ්ලොග් එක ලියන්නේ? යකෝ මම ඉන්ටර්නෙට් එකේ දැකපු ගොන්ම පෝස්ට් එක තිබුනේ තොගේ බ්ලොග් එකේ.උඹ හෙන හැකර් වගේ කයිය ගහලා අන්තිමට රවුටරේක ඩිෆෝල්ට් යූසර්නේම් පාස්වර්ඩ් දාලා ලොග් වෙන හැටිද කියලා දෙන්නේ? අනිත් එක උඹ හිතුවද පිටරට එවුන්ගේ ඉන්ටර්නෙට් යූසර්නේම් පාස්වර්ස් වලට ඩේටා දෙන්න ලංකාවේ අයි.එස්.පී. ලා උඹ වගේ බත් කන හරක් කියලා? යකෝ නිකන් දෙන පළියට බ්ලොග් ලියන්න එපා. ගිහිල්ලා කුඹුරක් කොටපන්!

      Delete

අදහස් සමග පින්තුර එකතු කිරීමට පහත කේතයන් භාවිත කලහැක..

Image: [im]Image URL Here[/im]
Colors: [co="red"]Comment Text Here[/co]
Marquee: [ma]Comment Text[/ma]

Powered by Blogger.

Search

Lanka Robotic WordPress theme from Nordic Themepark. Converted by LiteThemes.com.